අනුරාධපුර සිංහ කණුව අසළ 69 හැවිරිදි යාචක කතක කෙළෙසා මරා දැමූ බව කියන තිදෙනෙක් අනුරාධපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
හමුදාවෙන් පළා ගිය පුද්ගලයකු ද, කුළී වැඩ කරන්නකු ද, රබන් ගසන්නකු ද මත් පැන් බී ඇය කෙළසා ගෙල මිරිකා මරන්නට ඇතැයි පොලීසිය පවසයි.
හමුදාවේ ද පුතකු සිටින ඇය රත්ගම පදිංචිකාරියකි.
ඇගේ බැංකුපොතේ රුපියල් 39,000ක් ද, ඇය ළඟ රුපියල් 6200ක් ද, තුබූ බවත් පොලීසිය පවසයි.