සිංදු කියද්දී ඩීඅයිජී ඇද වැටේ


කොල්ලුපිටිය කැරොකේ සමාජ ශාලාවකදී පසුගිය දිනක බීමත්ව හැසිරුණු බව කියන නියෝජ්‍ය පොලිස්පති ජාතික පොලිස් කොමිසම හමුවට කැඳවා තිබුණි.

ඔහු පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතාට සිද්ධිය පිළිබඳ කරුණු ඉදිරිපත් කර ඇති බව කොමිසමේ ආරංචි කියයි.

පොලිස් කොමිසමට අමතරව පොලිස්පති නියමයෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙක්ද පරීක්ෂණ සඳහා පත්කොට ඇත.

සමාජ ශාලාවේ දී ඔහු මෛක්‍රෆෝනය බලෙන් රැගෙන එහි වාදනය වූ ගීතය ගයමින් නටමින් සිටියදී කිහිප අවස්ථාවකදී බිම ඇද වැටී ඇති බවත් සමාජ ශාලා සේවකයින් සිද්ධිය පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම්දී ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඔහු විශ්‍රාම ගෙස් සිට නැවත සේවයේ පිහිටවූ අයකු බව කියති.