( රංජිත් රාජපක්ෂ )
හැටන් සිංගිමලේ ජලාශයට වැටී අතුරුදන්ව සිටි පාසල් සිසුවාගේ සිරුර රංගල නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් එම ජලාශයේ ගැඹුරු ස්ථානයක තිබි අද (09) සොයාගනු ලැබීය.
මෙසේ ගොඩ ගනු ලැබුවේ කොටගල කේම්බ්‍රිජ් දමිළ මහ විද්‍යාලයේ 13 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි රාම් මූර්ති තමිල් මාරන් සිසුවාගේ සිරුරයි.
එම සිසුවා ඔහුගේ මිතුරන් 06 දෙනෙකු සමඟ (08) දින පස්වරුවේ ඡායාරූප ගැනීම සදහා ජලාශයට ඉහළන් වූ සිංගිමලේ රක්ෂිතයට අතුල් වී ඡායාරූප රැගෙන ජලාශයේ වේල්ල දිගේ ගමන් කරමින් සිටියදි ජලාශයේ වතුරෙන් පය සේදීමට උත්සහ කිරිමේදි සිසුවා ජලාශයට ඇද වැටී අතුරුදහන් වී ඇති තිබිණි.