
ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් අද (05) සිංගප්පුරුවේ ටීම්සෙක් නැමැති පදනම විසින් රුපියල් මිලියන 80 ක් වටිනා වෙන්ටිලේටර් 50 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරන ලදි.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මෙම ප්‍රදානය ලබාදෙන ලද්දේ මෙරට මෙඩි ටෙක්නොලොජි හෝල්ඩින්ග්ස් පෞද්ගලික ආයතනයේ අධ්‍යක්ෂ කපිල ගීගනගේ මහතා විසිනි.
මෙම පරිත්‍යාගය ලබාගනිමින් සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදී කියා සිටියේ කොවිඩ් වෛරසය ආසාදිතව ස්වසන අපහසුතාවයන්ට ලක්වන රෝගින් වෙත කෘත්‍රීම ස්වසනය ලබාදීම සදහා වෙන්ටිලේටර් යන්ත්‍ර අත්‍යාවශ්‍ය වන බවත්, එම යන්ත්‍ර ලබාදීමට කටයුතු කිරීමට පිළිබද ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය ස්තූතිය පුද කරන බවත්ය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

