සැළලිහිණිය දැන් නැත ඒ කොන්තගංතොට


 එදා සැළලිහිණි සංදේශයෙන්  තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සැළලිහිණියාට පෙන්වු  මඟ සළකුණක් වු කොන්තගංතොට   තව නොබෝ දිනකින්  වත්මන්  පරපුරට දැක බලා ගත නොහැකි වෙතියි ශ්‍රී ජයවර්ධනපුර ඉතිහාසය ගැන  දන්නෝ පවසති.

 සැළලිහිණි සංදේශයේ  කොන්තගම්තොට වර්ණනාව මෙසේය

 

 පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් ව       ටින්

 පරව තඹර පෙති ගිලි දිය  තලා  පි        ටින්

 තරව සිහි ඇතිව පරතෙරට යන අ        ටින්

 කරව පියාසර සකි කොන්තගං තො     ටින්

 

 සැළලිහිණිය ලියැවුණු   යුගයේ වත්මන් පාර්ලිමේන්තුව පවතින භූමිය  වගුරු බිමකි.ඒ  ඔසුසේ දියවන්නා  ඔය ගලා බැස ඇත. පාර්ලිමේන්තු පෙදෙසටත් බත්තරමුල්ල දෙසටත් ගමන් ගන්නා මාර්ගය ඔස්සේ  ඉදිකර තිබෙන පාලම පිහිටි ස්ථානයේ  අතීත ඔරු පාරු ගමන් කර ඇත. ඒ ඔරු පාරු ඇරැඹු  තොටුපොළ  කොන්තගංතොටයි.එය සංස්කෘතික  උරුමයක් විය යුතු වුවත්  මේ වන වාට එම පෞද්ගලික  ගොඩනැගිල්ලක් ඉදිවෙම්න් පවතී.

 කෝට්ටේ යුගයේ ඓතිහාසික ස්ථානයක් වන  කොන්තගංතොට රැක දෙන ලෙස ප්‍රදේශවාසීහු බලධරයින්ගෙන් ඉල්ලති.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්  සෙනරත් දිසානායක මහතා මෙසේ කියයි.

 ‘‘පුරාවිද්‍යා පනත අනුව යම් කිසි ස්ථානයක් පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙස ගැසට් කළ හැක්කේ එම ස්ථානය පිළිබදව පවතින මානව හා හෞතිකමය සාක්කි මත පමණයි.නමුත් මෙම ස්ථානය පිළිබව හෞතික සාක්කි කිසිවක් නැහැ.ඒ නිසා  ඊට මැදිහත්වීමේ  ගැටලුවක් අපට පවතිනවා.‘‘