ශී‍්‍ර ලංකා සැහැල්ලූ පන්දු කි‍්‍රකට් සම්මේලනය සංවිධානය කරන සමස්ත ලංකා ‘බි‍්‍රම්රෝස්’ අභියෝග ශූරතා පන්දුවාර දහයයි10 කණිෂ්ඨ (බාලක-බාලිකා) සැහැල්ලූ පන්දු කි‍්‍රකට් තරගාවලිය ආරම්භ කිරීමට සියඑ කටයුතු යොදා තිබේ.
මෙම තරගාවලිය වයස 15න් ඉහළ හා 19න් පහළ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගෙන් සමන්විත කණ්ඩායම් සඳහා විවෘත වේ. මේ සඳහා පාසල් හා ජාත්‍යන්තර පාසල් බාලක හා බාලිකා කණ්ඩායම් වලට සහභාගී විය හැකිය.
ශී‍්‍ර ලංකා සැහැල්ලූ පන්දු කි‍්‍රකට් සම්මේලනයේ සභාපති, නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති ලලිත් දිසානායක මහතාගේ අදහසක් අනුව මෙම තරගමාලාව සංවිධානය කරන බව සැහැල්ලූ පන්දු කි‍්‍රකට් සම්මේලනයේ විධායක රණදේව කුමාරනායක මහතා පවසයි.
කෑගල්ල කලාපීය තරග වටයෙන් මෙම තරගාවලිය ආරම්භ කිරීමට නියමිතය. කෑගල්ල, මාවනැල්ල හා දෙහි ඕවිට අධ්‍යාපන කලාප වලට අයත් පාසල් කණ්ඩායම් වලට මෙම තරගාවලියට සහභාගී විය හැකිය.
තරග වදින කණ්ඩායම් වෙතින් ලබන මැයි 10වැනිදා දක්වා අයදුම්පත් බාරගැනේ. තරගාවලිය පිළිබඳව විමසීම් ලූතිනන් කර්නල් එම්. ජී. එල්. රවීන්ද්‍ර, සැහැල්ලූ පන්දු කි‍්‍රකට් සම්මේලනය, 57, තලාහේන, මීගමුව යන ලිපිනයට තරග අයදුම්පත් යොමුකළ යුතුය.
(විමසීම්: 0714467807)