සැරයන්ට පීසීට වැඩ වරදී


රුවන්වැල්ල රත්නාවලී විදුහල අසල දිවා අධි පැයේ රාජකාරිය පැහැර හල බව කියන පොලිස් සැරයන් හා කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.

ඔවුන් එහි නොසිටි අවස්ථාවේ අනුරාධපුර - ඇඹිලිපිටිය බසයක හැපී සිසුහු දෙදෙනෙක් තුවාල ලදහ.

බරපතල තත්ත්වයේ සිටි සිසුවා කොළඹ ජාතික රෝහලට මාරු කර එවා ඇත.