සැරයන්ගේ නිල ඇඳුමත් ඉරලා


පිළියන්දල දී පොලිස් සැරයන් වරයකුගේ රාජකාරියට බාධා කළ බව කියන සැකකරුවන් දෙදෙනකු ත්‍රිරෝද රියක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ත්‍රිරෝද රියක් පරීක්ෂා කිරීමට සඳහා නතර කරන්නට ගත් උත්සාහයේ දී සැරයන් ද රැගෙන ත්‍රිරෝද රිය ධාවනය වී ඇතැයි ද, ඔහු ත්‍රිරෝද රියෙන් එළියට එන්නට ගත් උත්සාහයේ දී නිල ඇඳුම ඉරී ඇතැයි ද පොලිසිය පවසයි.

ත්‍රිරෝද රියේ සිටි දෙදෙනකු පැන ගොස් ඇති අතර දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන සිටිති.

bimal3

bimal-1 bimal-2