සැරයන් වැලි ලොරියෙන් වැලි ගසා ගනී
බලපත් කොන්දේසි කඩ කළ ටිපර් හිමියකුට නඩු නොදැමීමට රුපියල් පන්දාහක පගාවක් ගත් බව කියන පොලිස් සැරයන්වරයෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් ලබන 11 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. කිරිඇල්ල පොලිසියේ කුමාරසිරි කරුණාතිලක ඔහුය.

