සැරයන් තොප්පියෙන් බේරෙයි


පේරාදෙණිය ගන්නොරුව මාර්ගයේ රිය අනතුරක පරීක්ෂණ පවත්වමින් සිටි පොලිස් සැරයන්වරයකු තවත් රියකට යටවීමට ගොස් හිස්වැස්ම නිසා බේරුණු බව පේරාදෙණිය පොලිසිය කියයි.

පේරාදෙණිය සිට වට්ටාරම්තැන්නට ධාවනය වූ සුඛෝපභෝගී  මෝටර් රථයක් ගන්නෝරුව යුදහමුදා කඳවුර අසලදී විදුලි කනුවක්  කඩාගෙන මාර්ගයේ ආරක්ෂක කණු හතරක්ද  බිඳ මාර්ගයෙන් ඉවතට පැන නතරවී ඇති අතර කඩා වැටුණු විදුලි රැහැනක් මාර්ගයට පහත්වීම හේතුවෙන් රතුකොඩි දමා අනතුරු අඟවා පොලිස් නිලධාරින් පරීක්ෂණ සිදු කැර ඇත. ඒ අතරතුර  පැමිණි කන්ටේනර් රථයක් විශාල යකඩ  විදුලි පහන් කනුවද කඩාගෙන ධාවනය වී ඇති අතර එම අනතුරින් කඩා වැටුණු  විදුලි පහන් කනුව පරීක්ෂණ පවත්වමින් සිටි පොලිස් සැරයන්වරයකුගේ  හිසේ වැදී මාර්ගය මතට වැටී ඇති බවත් කියති.

සැරයන්වරයාගේ හිස් වැස්මට හානි සිදුවුවද අනතුරින් ඔහු බේරී ඇතැයි පොලිසිය කියයි.

මෝටර් රථයේ හා කන්ටේනර් රථයේ රියදුරන් අත්අඩංගුවට ගෙන ඇත.

2-(1) 4-(1) 5 6