මීමැස්මොරය වැනි අසනීපයක් සෑදී දුම්රිය පාරේ වැටී සිටි සරසවි සිසුවකුගේ ජීවිතය බේරා ගැනීමට හෝමාගම පොලිසියේ සැරයන් සෙනෙවිරත්න (38403) සමත් විය.
මට්ටක්කුලියේ සාගර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පාඨමාලාවක් හදාරන මෙම සිසුවා හෝමාගම පිංකෙත සිට දුම්රිය පාරේ ගමන් කරද්දී පාරේ වැටී ඇති බවත් 119 ඇමතුමකින් පොලිසියට දැන්වූ වහා එහි ගිය සැරයන් සිසුවා පාරෙන් ඉවත් කර මිනිත්තු 5ක් යන්නට පෙර දුම්රියක් ගිය බවත් අසල්වැසියෝ කියති.

