සැමියා සමග රන්ඩු වී මව මාස 18 දරුවා ඉස්සන් වළට දමයි


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)

සිය  සැමියා සමග උරණවී ඔහුගෙන්  පලි ගැනීමට අවුරුදු එක හමාරක දැරියක  ඉස්සන් ටැංකියකට තල්ලු කර දමා ඇති බව උඩප්පුව පොලිසිය 4 දින පවසයි.

උඩප්පුව කට්ටකඩුව ප්‍රදේශයේ ඉස්සන් ගොවිපොළක සේවය කරනු ලබන කම්කරුවකුගේ බිරිය සිය ගැහැණු දරුවා මෙසේ ඉස්සන් ටැංකියට තල්ලු කර ඇති බව කියයි.

දැරිය කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන බව උඩප්පුව පොලිසිය පවසයි.  වතුර පෙවී සිටි දැරිය මේ වන විට සුවය ලබමින් පසුවන බව කුරුණෑගල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය සඳමාලිසමරකෝන් මහත්මිය පැවසුවාය.

දැරිය ඉස්සන් ඇතිකරන ඇතිකරන ටැංකියට තල්ලු කරන ලදැයි කියන විසි හැවිරිදි මව උඩප්පුව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවාය.

දැරිය ටැංකියට වැටී ඇති බව සැකකාරිය පොලිසියට මුලින්ම පවසා ඇතත් ඉස්සන් ගොවිපළේ ආරක්ෂාවට සවිකර ඇති ආරක්ෂක කැමරාවක රූප රාමු පරීක්ෂාකර බැලීමේදි සැකකාරිය සිය දියණිය අතින් අල්ලාගෙන ගොස් ටැංකියට තල්ලු කරන ආකාරය පැහැදිලිවම දක්නට ලැබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය

ඉස්සන් ටැංකියට තල්ලු කර දමා කිසිත් නොදන්නා ලෙස දරුවා නොමැති බව පවසමින් සොයමින් සිටියදී එම ඉස්සන් ගොවිපලේම සේවය කරනු ලබන වෙනත් කම්කරුවකු දරුවා ඉස්සන් ටැංකියෙ දඟලන දැක එයට පැන බේරා ගෙන ඇති බව කියයි.