
(දයාරත්න ඇඹෝගම)
කුරුලුගම ප්‍රදේශයේ නිවසකදී බිරිද විසින් සිය සැමියාට පොරවකින් පහරදි ඝාතනය කොට සිය දරුවන් තිදෙනාද සමඟ පොලිසියට බාරවු බව කැබිතිගොල්ලෑව මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ පොලිසියට බාරවි ඇත්තේ කැබිතිගොල්ලෑව පොලිස් වසමේ කුරුලුගම පදිංචි 36 හැවිරිදි තිදරු මවකි. මරණයට පත්ව ඇත්තේ කැබිතිගොල්ලෑව, කුරුලුගම පදිංචිව සිටි උක්කුවාගේ උපාලි හේරත්(46) හැවිරිදි තිදරු පියෙකි.
පසුගිය පස්වැනිදා මරණකරු සිය බිරිදත් සමග ඇතිකර ගත් ආරාවුල දුරදිග ගොස් කඩුවකින් බිරිදට පහරදිමට උත්සහා කළ අවස්ථාවේදි ඇය විසින් පොරොවකින් සිය සැමියාගේ හිසට පහරදිමේ හේතුවෙන් සැමියා එම ස්ථානයේදිම මිය ගොස් තිබු බව පොලිසිය පැවසිය.

