සැම්සුන්ග් ලොක්කා අත්අඩංගුවට


ලෝක ප්‍රසිද්ධ දකුණු කොරියාවේ සැම්සුන්ග් සමාගමේ අධිපති ලී කුන් හී මහතා අත්අඩංගුවට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු දකුණු කොරියාවේ විශ්‍රාම වැටුප් අරමුදලින් කොටසක් සැම්සුන්ග් සමාගමේ ආයෝජනය සම්බන්ධයෙන් නීතියක් අනුමත කර ගැනීම සඳහා එරට ජනපති පාර්ක් ග්වේන් හුයි මහතාගේ සමීපතමයකුට ඩොලර් මිලියන 36කට ආසන්න මුදලක් අල්ලස් ලෙස ලබාදී ඇතැයි වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් දකුණු කොරියා පොලිසිය ඔහුගෙන් පැය ගණනාවක් පුරා ප්‍රශ්න කිරීම් සිදුකර ඇතැයි කියති.