(සුජිත් හේවාජුලිගේ )
රජයේ මුද්‍රණාලයට භාණ්ඩ සැපයූ සැපයුම්කරුවන් පහළොස් දෙනකුට මහ භාණ්ඩාගාරය රුපියල් කෝටි 50කට වැඩි මුදලක් මෙතෙක් ගෙවා නැතැයි වාර්තා වේ.
මේ හිඟ මුදල් හේතුවෙන් බොහෝ සැපයුම්කරුවන් රජයේ මුද්‍රණාලයට තවදුරටත් භාණ්ඩ සැපයීම අදි මදි කරන තත්වයක් පෙනෙන්නට ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ.
හිඟ මුදල් කොටස් වශයෙන් හෝ ගෙවන ලෙස රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය මහ භාණ්ඩාගාරයෙන් පසුගියදා ඉල්ලීමක් කළාය.
හිඟ මුදල් මෙලෙස ගෙවීමට ඇත්තේ කඩදාසි,ටෝනර්, තීන්ත යනාදී භාණ්ඩ සපයන ලද සැපයුම්කරුවන්ටය.
මේ අතර ඩොලරයේ. මිල ඉහළ යෑම හේතුවෙන් කඩදාසි ඇතුළු සියලුම අමුද්‍රව්‍යවල මිල දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි රජයේ මුද්‍රණාලය පවසයි.

