(සිතුම් චතුරංග)
කිලිනොච්චිය පුනරීන් ප‍්‍රදේශයේ සිට යාපනය දක්වා නීති විරෝධී ලෙස බුරුත දැව කඳන් තොගයක් ප‍්‍රවාහනය කළ සුඛෝපභෝගී වෑන් රථයක් අත්අඩංගුවට ගත් බව පුනරීන් පොලිසිය පවසයි.
පොලිසිය වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් වෑන් රථය දමා පළා ගොස් ඇති බවත් ඔවුන් මේ වනවිට හදුනාගෙන අති බවද පොලිසිය පැවසීය.
රුපියල් ලක්ෂ තුනක පමණ වටිනාකමින් යුත් වන අතර දීර්ඝ කාලයක සිට සුඛෝපභෝගී වැන්රථ යොදාගෙන ජාවාරම්කරුවන් නීති විරෝධී ලෙස බුරුත දැව යාපනයට ප‍්‍රවාහනය සිදුකොට ඇති බවයි.



