යාපනයේ සිට අධි සුඛෝපභෝගී බසයකින් කොළඹට කේරළ ගංජා කිලෝ 13 1/2 කට ආසන්න ප්‍රමාණයක් රැගෙන ආ බස් රියදුරකු හා සහායකද කනගරායන්කුලමේදී අත් අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බලකාය එම බසයද සැකකරුවන් දෙදෙනාද කනගරායන්කුලම පොලිසියට බාර දුන්නේය. පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.කේ.ආර්.ඒ.පෙරේරා මහතාට ලැබුණු ඔත්තුවක් අනුව ක්ෂණික මාර්ග බාධකයක් පනවා වැටලීම කර ඇත.
යාපනයේ සිට කේරළ ගංජා කොළඹ හා වෙනත් ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම සඳහා මෙවැනි බස් යොදාගන්නා බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය පවසයි. ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 25 ක් පමණ වෙතියිද පොලිසිය පවසයි. ඉන්දියාවේ කේරළයේ සිට මුහුදින් ගංජා ගෙන එතියි පොලිසිය සැක කරයි.



