ශ්‍රී ලංකාවේ ප්‍රථම වායුසමනය කරන ලද නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද මහනුවර සිට කොළඹ කොටුව දක්වා සිය මංගල ගමන ඇරඹීය. දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා සහ සඳුදා යන දිනවලදී පමණක් එය ධාවනය කරන බවයි. මෙහි ප්‍රවේශපත්‍රයක් රුපියල් 500 කි. දුම්රිය ධාවනයේදි එය නවත්වන්නේ රාගම, ගම්පහ සහ පේරාදෙණිය පමණි.