සැප කාරය ගඟ අයිනේ


කොල්ලූපිටියේ පිහිටි ප‍්‍රසිද්ධ වෙළෙද ආයතනයක ජේෂ්ඨ විධායක නිලධාරියෙකුට අයත් සුඛෝපභෝගි මෝටර් රථයක් අද උදේ සිට සවස් වනතුරු අංගොඩ කොහිලවත්ත කැළණි ගඟ අසල නවතා තිබුණත් ඔහු නොපැමිණි බව පොලිසිය කියයි.
හොඳට හැද පැළැදගත් අයෙක් රථයෙන් බැස කැළණි ගඟ අසලට ගිය බවත්පසුව ඔහු කැළණි ගෙඟ් ගසාගෙන යන අයුරු දුටු බවත් අසල් වැසියෝ කියති. ඔහුගේ ටයිපටිය, ජංගම දුරකතන ඔහුගේ රියේ තිබිණි.  ගගෙහි ඒ පෙදෙසේ  ගැඹුර අඩි 16 කි. නාවික හමුදාව ඊට සුළු මොහොතකට පසු ගඟට වැටුණු අය සොයා ඇති නමුත් උත්සාහය සාර්ථක වී නැත.