සැන්ටින් ගුණවර්ධන තිරයෙන් යයි


ප‍්‍රවීණ නාට්‍යවේදී සැන්ටින් ගුණවර්ධන මහතා (75) අභාවප‍්‍රාප්ත විය.
හෙන්රි ජයසේන සූරීන් 1962 දී වේදිකාවට ගෙනා ”ජනේලය” නාට්‍යයෙන් රංගනයට පිවිසි සැන්ටින් ගුණවර්ධන මහතා වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක් ද විය.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ”ගිරය”, සුමිත‍්‍රා පීරිස්ගේ ”ගැහැණු ළමයි” නාලන් මැන්ඩිස්ගේ ”දූ දරුවෝ” ඇතුළු ටෙලිනාට්‍ය රැසකටම රංගනයෙන් දායක වීය.
සැන්ටින් ගුණවර්ධන මහතා ”සිව් රඟ සේනා” සහ ”අරුමෝසම් වැහි” යන චිත‍්‍රපටවලද රඟපා ඇත.
ඔහු වෘත්තීයෙන් සැලසුම් ශිල්පියෙකි. මොරටුව, දහම් මාවතේ අංක 31 දරණ නිවසෙහි දේහය තැන්පත් කැර ඇත.
අවසන් කටයුතු බදාදා (17) සවස 4.30ට ගල්කිස්ස පොදු සුසාන භූමියේදී පැවැත්වීමට නියමිතය.