කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ දක්ෂ වෛද්‍යවරු නොව අති දක්ෂ වෛද්‍යවරු සිටිති. එහෙත් හොඳ උපකරණ නැත.
ශල්‍යාගාරයක ඇඳක් වයර වලින් ගැට ගසා සෙලෝටේප් ඔතා තිබේ.
පසුගිය වසරේ 2441 සාර්ථක සැත්කම් ඉදි කළේ උපකරණවල දැඩි හිඟයක් මැද්දේය.
සැත්කමින් පසු රෝගියා සිහි ගැන්වීමට භාවිතා කරන යන්ත්‍රයක්, නවීන ශල්‍යාගාර ලාම්පු, අතිරේක ල්‍යාගාරයක්, ශල්‍ය ඇඳක් වසර ගණනාවක සිට ඉල්ලා ඇතත් මෙතෙක් ලැබී නැත.
දැනට ඇත්තේ එක්දහස් නමසිය හැට ගණන් වල ලැබුණු ලාම්පුවකි.
මෙම ඒකකයේ ප්‍රධානියා වනුයේ ශල්‍ය වෛද්‍ය දුලිප් පෙරේරාය.