(සනත් ගමගේ)
අතවරයට ලක්වූ බාල වයස් කාර දැරියකට හම්බන්තොට මහ රෝහලේ දී තාවකාලික උපත් පාලන සැත්කමක් සිදු කළේ දැරියගේ මව දැනුවත් කිරීමෙන් පසු බවත් දැරියගේ සුභ සිද්ධියට එලෙස කළ බවත් හම්බන්තොට මහ රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය සුමිත් මනතුංඟ මහතා ලංකාදීපය කළ විමසුමක දී පැවසීය.
රෝහලේ විශේෂඥ වෛද්‍ය වරුන් විසින් මව දැනුවත් කරනු ලැබ ඇති බවත් දැරිය මුහුණ පා ඇති තත්ත්වය පිළිබඳ වටහා ගැනිමෙන් පසු දැරිය තවදුරටත් ආරක්ෂා කර ගැනිම සඳහා මෙලෙස කළ බවත් වෛද්‍යවරයා කීවේය.

