මුදල් විශුද්ධිකරණ පනත යටතේ විදේශ ගමන් තහනමකට ලක්ව සිටින යෝෂිත රාජපක්ෂ ගේ ඕස්ට්‍රේලියාවට යාමට කළ ඉල්ලීම ලබන 28 වැනිදා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර.හෙයියන්තුඩුව මහතා අද (22) තීරණය කළේය.
යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ හිටපු ලුතිනන් වරයෙකි.
ඔහු වෙනුවෙන් පෙනී සිටි ගාමිණී මාරපන නීතිඥවරයා පැවසූයේ යෝෂිත ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට යනුයේ රගර් ක්‍රීඩාවේ දී ඇතිවූ ආබාධයකට සැත්කමක් සඳහා බවයි. ඒ වෙනුවෙන් මාසයක් ඔහුට අවසර දෙන ලෙසද නීතිඥවරයා ඉල්ලා සිටියේය.