සැත්කම කරද්දී ගිටාරය වයයි


ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර රොනල්ඩ් ‘රේගන්‘ රෝහලේදී රෝගියකුට වෛද්‍යවරුන් මොලයේ ශල්‍යකර්මයක් සිදු කරන අවස්ථාවේදී රෝගියා ගිටාරයක් වාදනය කිරීමේ අරුම පුදුම සිදුවීමක් වාර්තා විය.

රෝගියා වූයේ ගිටාර් වාදකයකු හා ගායකයකු වන 39 හැවිරිදි බ්‍රෑඩ් කාර්ය.

මොලයේ ශල්‍යකර්ම සඳහා ප්‍රසිද්ධියක් උසුලන මෙම රෝහලේ සිදු කරන ලද 500වැනි ශල්‍යකර්මය එය විය.

රෝගියා පාතින්සන් රෝගයෙන් පෙලෙමින් සිටි නිසා ඔහුගේ මතකය බෙහෙවින් දුර්වල විය.

ශල්‍යකර්මය සිදු කරන අවස්ථාවේදී ඔහු ගිටාරය වාදනය කළ අතර වෛද්‍යවරුන් සඳහන් කළේ රෝගියා නිවැරදිව ස්වර වාදනය කළ බවය.