(ඩී.ජී සුගතපාල සහ ඉන්දිකා රාමනායක)
ඇල්පිටිය නවඳගල විද්‍යාල ක්‍රීඩාපිටියේ පැවති සැණකෙළියක ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයකුගේ හිසට පොල්ලකින් පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි.
සැණකෙළිය ආ දෙපිරිසක් අතර හටගත් ගැටුමක් මැඩපැවැත්වීමට ගිය පොලිස් සැරයන්වරයාට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලැබූ සැරයන්වරයා ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇත.
මෙම පහරදීම සම්බන්ධයෙන් එහි සිටි සෙසු පොලිස් නිලධාරීන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

