සැඩ සුළඟ මාතරට විදුලිය නැති කරයි


සිකුරාදා හමා ගිය චණ්ඩ මාරුතයෙන් මාතර කතරගම මහා මාර්ගයේ අධිබලැති විදුලි කුළුනු තුනක් කඩාවැටිම නිසා මාතර ප්‍රදේශ ගණනාවක විදුලිය ඇණ හිටියේය. දෙවිනුවර ධීවර වරායේ නවතා තිබූ ධීවර යාත්‍රා 10ක් පමණ පෙරළි හානි සිදුව ඇත. මුහුද රළු බව නිසා දෙව්නුවර ධීවරයෝ මුහුදු නොගියහ. දෙවිනුවර ආදාහනාගාරයේ වහළට ද හානි සිදු වී ඇත.