සැඩ පහර මැද්දේ පණ බේරාගනී


මාතර මහානාම සමරවීර පාලමෙන් නිල්වලා ගඟට වැටුණු එක්දරු මවක පීනා ගොඩට ඒමට සමත් වූවාය. ගඟ ඉහළට මහ වැසි ලැබීම නිසා ගඟද හොඳටම පිරී තිබූ බවත් ගඟ මැද සිට ඉහළට ඒමට ඇයට මිනිත්තු 8ක් පමණ ගතවූ බවත් සිද්ධිය දුටුවෝ කියති. 

ගඟේ වතුර පිරීම නිසා තද සැඩ පහරට අසුව කාන්තාව අමාරුවෙන් පීනමින් සිටියදී දහසක් පමණ දෙනා බලා සිටියත් කිසිවකු ඇය බේරාගැනීමට තැත් නොකළ බවත් එක් පුද්ගලයකු පමණක් ගං ඉවුරට ගොස් උණ ගසක් ඇය දෙසට දික් කළ බවත් කියති.

සැමියාද සමග මාතර ආ එම කාන්තාව ගඟට වැටීම ප්‍රශ්නයක් බව පොලිසිය පවසයි. ඇය මාතර රෝහලට ඇතුළු කරනු ලැබීය.

nilwala_201511167229 nilwala_201511167269 nilwala_2015111672693 nilwala_2015111672694 nilwala_2015111672695 nilwala_2015111672696 nilwala_2015111672697 nilwala_2015111672698 nilwala_2015111672699 nilwala_20151116726910