සැඟවූ කීරි සම්බා තොගයක් අල්ලයි


(යොහාන් භාසුර)

පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයේ වෙලදසැලකට කොළඹ 12 ප්‍රදේශයේ පිහිටි ගබඩාවක සඟවා තිබූ කීරි සම්බා සහල් කිලෝග්‍රැම් 5,000 කට ආසන්න තොගයක් භාරයට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.

එම කීරි සම්බා  සහල් තොගය කිලෝග්‍රෑම් 5 අසුරන 950 කට ආසන්න ප්‍රමාණයක්  ලෙස පැවැති බවත්  ඒ අනුව අදාල ව්‍යාපාරිකයා සහ භාණ්ඩ ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම අධිකාරිය කීය.

බස්නාහිර පළාත් පොලිස් බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් දුන් තොරතුරකට  අනුව මෙම වැටලීම කළ බව ද එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.