(ගයාන් සූරිය ආරච්චි)
හෙරොයින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි කාන්තාවක් පොලිස් නිලධාරීන්ගේ සහ ආරක්ෂාවට සිටි කාන්තාවකගේ ගහණයෙන් මිදී පලා ගොස් ඇති බව හූරිගස්වැව පොලිසිය පවසයි.
හෙරොයින් ග්‍රෑම් 2 ක් සහ මිලිග්‍රෑම් 160 සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් බොරලුකන්ද නවමකුලම ප්‍රදේශයේදී සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබූණි.
එම අත්අඩංගුවට ගත් කාන්තාව ආරක්ෂක මාතාවක් යටතේ පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී සැකකාරිය වැසිකිළි යාමට අවශ්‍ය බව පවසා ඇත.
අනතුරුව පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ ආරක්ෂක මාතාවද සමඟ සැකකාරිය පොලිස් ගොඩනැගිල්ලෙන් පිටත පිහිටි වැසිකිලියට රැගෙන යාමෙන් පසු පොලිස් නිලධාරීන්ගේ සහ ආරක්ෂක මාතාවගේ ග්‍රහණයෙන් මිදී සැකකාරිය පළා ගොස් ඇති බව පොලිසිය පවසයි.