ඩී.ජී.සුගතපාල
හික්කඩුව පොලිසියේ රඳවා සිටි සැකකාරියක් පොලිස් අත්අඩංගුවෙන් මිදි පලා යාම සම්බන්ධයෙන් පොලිස් පරික්ෂකවරයකුගේ සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ සේවය ගාල්ල සහකාර පොලිස් අධිකාරිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.
හික්කඩුව කලුපෙ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් හෙරොයින් මිලිග්‍රෑම් එක් දහස් හයසියක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා පොලිස් ස්ථානයේ රඳවා සිටියදී රාත්‍රී කාලයේ පොලිස් අත්අඩංගුවෙන් මිදි පලා ගොස් ඇත.
පලාගිය සැකකාරිය මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති අතර ගාල්ල සහකාර පොලිස් අධිකාරි ගාමිණි ඉහළවෙල මහතාගේ උපදෙස් පරිදි පරික්ෂණ පවත්වයි.

