පුංගුඩුතිව් පාසල් දැරිය සමූහ දූෂණය කිරීමේ සිද්ධියෙන් පසු යාපනයේ සිදුවූ දෑ ගැන සොයා බැලීමට මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (26) යාපනයේ හදිසි සංචාරයකට ගියේය.
උතුරු මහ ඇමැති සී වී විග්නේශ්වරන් සහ උතුරු ආණ්ඩුකාර එච් එම් ජී එස් පලිහක්කාර මහත්වරු ජනපති පිළිගත්හ.
පුංකුඩුතිව්හි දැරිය සමූහ දූෂණය කිරීමේ නඩු විභාගය විශේෂ අධිකරණයක් හමුවට පමුණුවන බව ජනපති යාපනයේ දී කීවේය.
යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයයේ පැවැති රැස්වීමකට සහභාගී වූ ජනපති කීවේ දැරියගේ ඝාතනය හෙළා දකින බවයි. දැරිය ඝාතනය කළ සැකරුවන්ට දිය හැකි උපරිම දඩුවම් ලබා දෙන බව කී ජනපති අධිකරණයට ගල් ගැසීම ද කිසිසේත් අනුමක කළ නොහැකි බව ද සඳහන් කළේය.
අධිකරණයට ගල් ගැසූවන් සඳහාද නීතමය පියවර ගන්නා බව ජනපති කීවේය.



