සැකකරුවන්ට ඇප


වෙලේ සුදා මත්කුඩු ජාවාරමෙන් ඉපැයූ මුදල් විශුද්ධිකරණයේ යෙදී ඇතැයි චෝදනා ලැබ සිටි දිලිනි නිල්මිණී,සුරාජ් අහමඞ් සහ තවත් දෙදෙනෙක් දැඩි ඇප කොන්දේසි මත නිදහස් කිරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

එක් අයෙකුට රුපියල් 25,000 ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 25 ක ශරීර ඇප දෙකක් බැගින් නියම කෙරිණ.

ඔවුන්ට විදෙස් ගතවීමට අවසරයක් නැතැයි ප‍්‍රකාශ කළ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා ශරීර ඇපයන් ප‍්‍රද්ශයේ ග‍්‍රාම නිලධාරියාගේ සහතිකයක් සහිතව ඉදිරිපත් කරන ලෙසද නියෝග කළේය.

සෑම මසකම අවසන් ඉරු දින කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ පෙනී සිටින ලෙසටද ඔවුනට නියම විය.

වෙලේ සුදා හා ඉතිරි සැකකරුවන් ලබන 11 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඞ් බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළ මහේස්ත‍්‍රාත්වරයා වෙලේ සුදාට ඇප අයදුම් කිරීමට ඇති හැකියාව පිළිඹද සොයා බලන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට උපදෙස් දුන්නේය.

මත්කුඩු ජවාරමේ යෙදුණේයැයි සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට මිීට පෙර අවස්ථාවකදී කොළඹ මහාධිකරණයෙන් මරණ දණ්ඩනය නියම කෙරිණ.

නඩුව පෙබරවාරි මස 16 වැනිදාට කල් තැබිණ.