(තරිඳු ජයවර්ධන සහ ටෝනි කරුණානායක)
රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දුන් සිද්ධියේ හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ සැකකරුවන් පස් දෙනා හදුනාගැනීමට සාක්කිකරුවෝ තිදෙනා අපොහොසත් වූහ.
ඒ අනුව පෙරට්ටුවට ඉදිරිපත් කළ සැකකාර යුද හමුදා කෝප්‍රල්වරු පස් දෙනා හා යුද හමුදා බුද්ධි අංශ මේජර් බුලත්වත්ත මහතා ඇප මත මුදාහරින ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා නියෝග කළේය.

