සැකකරුට අමාරුයි


වෝටර් ටවුන්හි බැක්යාඩ් නිවසක් පිටුපස බෝට්ටුවක සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බොස්ටන් බෝම්බ ප්‍රහාරයේ සැකකරුගේ තත්ත්වය බරපතල බව පොලීසිය මින් මද වේලාවකට පෙර පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඔහුට වෙඩි වදින්නට ඇතැයි අනුමාන කෙරේ. එහෙත් පොලීසිය ඒ ගැන කිසිත් නොකියයි.


බොස්ටන් නුවර සැනසුම් සුසුම් හෙළයි

භීතිය සතුටට හැරේ

2013 අපේ‍්‍රල් මස 20 07:51:58 | .

 

වොටර් ටවුන්හි ෆරෑන්ක් වීදියේ නිවසක පිළිකන්නේ නවතා තිබූ බෝට්ටුවක සැකකාර තරුණයා සැගවී සිටින බවට නිවැරදි ඔත්තුවක් ලැබීමෙන් පසුව ගුවනින්ද, යාබද මහල් නිවාස මුදුනේ සිට ද එම බෝට්ටුව වට කැරිණි.

අහසට නැගුණ හෙලිකොප්ටර වලින් බෝට්ටුව දෙසට ආලෝක ධාරා එවීය. රාත්‍රී 8 පමණ වුවත් මුළු පෙදෙසම දහවල සේ පෙනෙන්නට විය.

පොලීසිය බෝට්ටුව ළඟට ගොස් ‘දැන් අපි මෙතනට ඇවිල්ලයි ඉන්නේ. එළියට ඇවිත් යටත් වනු‘ යැයි කීය.

අසල්වැසියකු පැවසුවේ සැකකරු ගිලන් රියකින් පවනට බඳු වේගයෙන් රැගෙන ගිය බවයි.

ඊට මදකට කළින් එම ප්‍රදේශයේ වෙඩි හඩක් ඇසුනේය.  සැකකරුට තුවාල සිදුවීදැයි නොදනී. පොලීසිය පැවසුවේ ඔහු පණ පිටින් අල්ලා ගත් බවයි.

‘ දඩයම ඉවරයි.සෝදිසිය අවසන්. භීතිය නිමයි. යුක්තිය ජයගත්තා. සැකකරු සිරභාරයට' යැයි පොසිය නිවේදනය කළේය.

ඔහු අල්ලා ගැනීමත් සමග බොස්ටන් වැසියෝ ප්‍රීතියෙන් උද්දාමයට පත්ව මහරෑ වීදිවලට බැස සතුට පළ කරන්නට වූහ.

 


බොස්ටන් බෝම්බකරු පණ පිටින් අල්ලයි

මෙහෙයුමට පැය 22යි : පොලීසියේ 1000යි

2013 අපේ‍්‍රල් මස 20 06:31:36 | .

 

පැය 22ක අඛණ්ඩ මෙහෙයුමකින් පසු බොස්ටන් මැරතන් තරඟයේ 19 හැවිරිදි දෙවැනි බෝම්බ කරු   වෝටර්ටවුන් නගරයේ බෝට්ටුවක සිටියදී මින් ටික වේලාවකට පෙර පණපිටින් අත්ඩංගුවට ගත් බව ඇමෙරිකා ෆෙඩරල් පොලීසිය කියයි.

ඔහු අත්අඩංගුවට ගැනීමේදී කිසිදු සටනක් නොවූ බව ද පොලීසිය කියයි.

ඔහුගේ 26 හැවිරිදි සහෝදරයාට පොලිස් වෙඩිපහරින් මරුමුවට පත් විය.

ඇමෙරිකා ෆෙඩරල් පොලීසියේ දහසක් පමණ මේ හෙයෙහුමට එක්වූහ. බෝස්ටන් වේලාව රාත්‍රී අට වන විට ගිලන්රථ, බෝම්බ නාශක රථ තවත් වාහන කිහිපයක් වෝටර්ටවුන්හි දැකගත හැකි වූ බව සීඑන්එන් වාර්තාකාරියක් පැවසුවාය.

මුළු බොස්ටන් නගරයම පාළුවට ගොස් තිබූ අතර සියලු දෙනා නිවෙස්වලට වී සිටින ලෙසට පොලීසිය උපදෙස් දී තිබිණි.