සැකකරු පොලිසියෙන් පනියි


(ඉන්දිකා  රාමනායක)

වරෙන්තු කිහිපයකට අදාළව  සහ හෙරොයින් මිලිග්‍රෑම් 6400 ක් ළග තබා ගැනීම සම්බන්ධයෙන් තලංගම පොලිසිය මගින් තලවතුගොඩ ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගත් සැකකරුවකු  මාදිවල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇතැයි තලංගම පොලිසිය පවසයි.

මෙම සැකකරු අත්අඩංගුවට ගෙන පොලිස් කැබ් රථයකින්  රැගෙන ගොස්  වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර නැවතත් පොලිස් ස්ථානය වෙත රැගෙන එමින්  සිටියදී  සැකකරු මෙලෙස පලාගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස පළාගොස් ඇත්තේ  තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි (38) පුද්ගලයෙකි. සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.