සැකකටයුතු ලෙස හැසිරුණු තැනැත්තා රිමාන්ඩ්


(නිමන්ති රණසිංහ)

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රගහලේ පැවැත්වීමට නියමිතව තිබූ උත්සවයක පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරමින් සැකකටයුතු ලෙස හැසුරුණු හිටපු කොටි සාමාජිකාවකගේ සොහොයුරකු ලබන 17 තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (13) නියෝග කළේය.

යාපනයේ පදිංචි මුරුගයියා චර්මලන් නැමැත්තා එසේ රිමාන්ඩ් කෙරුණු අතර සැකකටයුතු ලෙස හැසිරුණු සැකකරු පරික්ෂාවට ලක් කිරීමේදී ඔහුගේ ජාතික හැඳුනුම්පතට අමතරව ඔහුගේ සහෝදරියකගේ බව කියන හිටපු එල් ටී ටී ඊ සාමාජිකාවකගේ හැදුනුම්පතක් ද තිබී සොයා ගත් බව වාර්තාවේ.