සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද වගයි


රාජ්‍ය සාහිත්‍ය සම්මාන උ‍ළෙල 2013 කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

සම්මාන ලද්දෝ -

 1) නවකතාව - සෙංකොට්ටං (මහින්ද ප්‍රසාද් මස්ඉඹුල)

2) කෙටිකතා සංග්‍රහය - මිත්තණියෝ (පියසීලි විජේමාන්න)

3) ගීත සංග්‍රහය - නිකිණි වැස්ස (රත්න ශ්‍රී විජේසිංහ)

4) කාව්‍ය සංග්‍රහය - කන්‍යා දියවරට එළඹ (සුනන්ද කරුණාරත්න) , ගිරි හිස තරණය (සුහර්ෂණී ධර්මරත්න)

5) යොවුන් නව කතාව - අලි පැලැස්ස (දිනේශ් ගුණතිලක සමරවික්‍රම)

6) ළමා සාහිත්‍ය කෘතිය - කිරිහාමි (සිබිල් වෙත්තසිංහ)

7) පද්‍ය පරිවර්තනය - අවිය සහ කවිය (ඉන්ද්‍රාණි රත්නසේකර)

8) පරිවර්තන නව කතාව - පේද්රෝ පරානෝ (ධර්මසේන පතිරාජ)

9) පරිවර්තන කෙටිකතා සංග්‍රහය - වීණා වාදකයා (චන්දන මෙන්ඩිස්)

10) ස්වතන්ත්‍ර ශාස්ත්‍රීය කෘතිය - සිංහල ධාතු වංශය (එම් ඩබ්ලිව් විමල් විජේරත්න)

11) පරිවර්තන නාට්‍ය කෘතිය - දවස තාම ගෙවුණේ නෑ (එස් කරුණාරත්න)

12) පරිවර්තන ශාස්ත්‍රීය කෘතිය - බුදුරදුන්ගේ පිය සටහන් (අභය හේවාවසම්)

13) වැඩියෙන්ම පොත් පළ කළ සමාගම - ඇස් ගොඩගේ

14) පිටකවර නිර්මාණය - සාහිත්‍ය කෘතිය (ශාන්ත කේ හේරත්), ළමා සාහිත්‍ය කෘතිය (දුලන්‍යා කුරේ)