සාලිය පීරිස් - කුවේර ද සොයිසා සභාපති සටනට එති


(මනෝප්‍රිය ගුණසේකර)
 
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 2021/2022 වර්ෂය සඳහා සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වෙන නිලවරණය සඳහා තරඟ කිරීමට ජනාධිපති නීතීඥ සාලිය පිරිස් මහතා සහ ජනාධිපති නීතීඥ කුවේර ද සොයිසා මහතා අද (11) සිය නාම යෝජනා බාරදුන්හ.
 
නිලවරණයේ තේරීම් බාර නිලධාරිවරයා වශයෙන් කටයුතු කරන සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතාට සාලිය පිරිස් මහතා සහ කුවේර ද සොයිසා මහතා සිය නාම යෝජනා බාරදුන්හ.
 
ශ්‍රී ලංකා නීතීඥ සංගම් කාර්යාලයේදී අද පෙරවරුවේ මෙලෙස නාම යෝජනා බාරදුන් අතර ඒ අවස්ථාවන්ට ඒ මහත්වරුන්ගේ ආධාරකරුවන් විශාල පිරිසක් සහභාගි වුහ.
 
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණය පෙබරවාරී මස 24 වැනිදා පැවැත්වීමට මේ විට කටයුතු යොදා ඇති අතර එහි සභාපතිධුරය සඳහා සාලිය පිරිස් සහ කුවේර ද සොයිසා මහත්වරු මෙලෙස සිය නාම යෝජනා පත්‍ර බාරදුන්හ.