සාලිය කුමාරයාගේ වැවේ බිසෝ කොටුවත් ඉවරයි


විල්පත්තු වන රක්ෂිතයේ පිහිටි කුඩා විලච්චිය වැවේ අලංකාර බිසෝ කොටුව නිදන් හොරුන් විසින් වනසන ලදැයි පොලිසිය හා වනජීවී නිලධරයෝ කියති.

දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමාරයා පළමු වැනි හා දෙවැනි සියවස් වල දී මහ විලච්චිය හා කුඩා විලච්චිය වැව් තනවන්නට ඇතැයි ඉතිහාසයේ සඳහන් වේ.

මහවිලච්චිය බිසෝ කොටුව ශ්‍රී ලංකාවේ ඉපැරණි බිසෝකොටු වලින් අතිශය අලංකාර බිසෝ කොටුවක් බව පුරා විද්‍යාඥයෝ කියති.