කොළඹ හිටපු නියෝජ්‍ය පුරපති අසාද් සාලිට රහස් පොලීසියෙන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඔහුගේ බිරිය හා දියණිය විසින් ගොනු කැරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රි පුද්ගල විනිශ්ච මණ්ඩලයක් ඉදිරියේ අද විභාගයට ගැනිණි.
අතිරේක සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත් මහතා පැවසුවේ නීතිපති උපදෙස් සඳහා කල් අවැසි බවයි.
ඒ අනුව ලබන 28 වැනිදා තෙක් විභාගය කල් දැමිණි.
කේ ශ්‍රී පවාන්, චන්ද්‍රා ඒකනායක සහ සත්‍යා හෙට්ටිගේ විනිසුරුවරු ඉදිරියේ පෙත්සම කැඳවිණි.