සාලි බලන්න රනිල් යයි


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ  අත්අඩංගුවට ගෙන සිටි  අසාත් සාලි මහතාගේ සුව දුක් විමසා බැලීමට එක්සත් ජාතික පක්ෂ  නායක හා  විසක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (10) සවස  කොළඹ නව ලෝක රෝහලට ගියේය.

එ.ජා.ප මහ ලේකම් තිස්ස අත්තනායක පාර්ලිමේන්තු මන්ත්‍රී  රවී කරුණානායක, එක්සත් සමාජවාදී පක්ෂයේ  නායක සිරිතුංග ජයසුරිය, නව සිහළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර යන මහත්වරුද මෙම අවස්ථාවට එක් වුහ.

ත්‍රස්තවාදී පනත දේශපාලනයට යොදා ගැනීමේදී ඇතිවූ ජනතා විරෝධයට රජය යටත් වූ බවත්, අසාද් සාලි මහතා නිදහස් කරන්න සිදුවුණේ ඒ නිසා බවත්, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

‘අද නිදහස් වුණ සාලි ඊයේ වෙනකම් ත්‍රස්තවාදියෙකු වහයෙන් හැඳින්වුවා. පිටරට ගිහින් ආයුධ ගෙනත් රට බෙදන්න ලෑස්ති වුණ භයානක ත්‍රස්තවාදියකු වශයෙනුයි රජය ඔහු හැඳින්නුවේ.

එහෙම ප්‍රකාශ කළ ආණ්ඩුව අද සාලි නිදහස් කළා.