ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා ඇතුළු නිලධරයෝ හය දෙනෙක් කොළඹ ජාතික රෝහලට අද ගොස් හිටපු උප නගරාධිපති අසාද් සාලි මහතා හමුවිය.
තම පියා නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටිතියි සාලි මහතාගේ දියණිය මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ල අනුව ඔවුහු එහි ගියහ.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග යටතේ සිටින සාලි මහතා අසනීප වීම නිසා කොළඹ රෝහලට ඇතුළු කරනු ලැබ සිටී.