සායිෆ්ගේ දුවත් බොලිවුඩ් සිනමාවට


2016-09-28-ent-15

ජනප්‍රිය නළු සායිෆ් අලී ඛාන්ගේ දියණිය වූ සාරා අලී ඛාන් දෙසැම්බර් මාසයේදී රූපගත කිරීමට සූදානම් කර ඇති කරන් ජෝහර්ගේ "ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්" චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට තෝරා ගෙන ඇති පුවතක් වාර්තා වෙනවා. මෙහි ඇයගේ පෙම්වතා ලෙස පෙනී සිටින්නේ මෑත කාලයේ බොලිවුඩයේ ජනප්‍රිය යොවුන් සිනමා නළුවෙකු වූ ටයිගර් ෂෙරොෆ්ය.

කෙසේ වෙතත්, තවමත් සාරා මෙම චිත්‍රපටයට සම්බන්ධ වෙනවාද නැද්ද යන්න නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති වුවද චිත්‍රපටය නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරන කරන් ජෝහර් මේ සම්බන්ධව මාධ්‍යය දැනුම්වත් කරමින් සාරා සිය %ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්^ චිත්‍රපටයට සම්බන්ධ වන බව පවසා තිබෙනවා.

එහෙත්, සාරා පවසා ඇත්තේ තම පියාගේ චිත්‍රපටයක් හරහා බොලිවුඩ් සිනමාවට තමා තුළ කැමැත්තක් ඇති බවයි. සාරා ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි අම්රිතා සිංගේද දියණිය වේ. ඇය මේ වනවිට 23 වැනි වියෙහි පසුවනවා.

 

2016-09-28-ent-16