සාමුවන් එළවන්න ‘දිවියෝ‘ ගස්වල එල්ලෙති


කතරගම පූජා නගරයේ හා අවට වඳුරන් හා රිලවුන් පළවා හැරීම සඳහා ‘දිවියන්‘ ගස්වල එල්ලා ඇත.

දිවියන් දුටු විට සාමුවන් පළා යතියි වැසියෝ කියති.

රෙදි කැබලිවලින් හැදූ දිවියන්ගෙන් හොඳ ප්‍රතිඵල ලැබෙතියි ද ඔවුහු කියති.

කතරගම දේවාලයේ පළතුරු, පොල් ආදිය කෑමට ද වන්දනාකරුවන් දෙන ආහාර බලාපොරොත්තුවෙන් ද මේ සත්තු සිය ගණනින් තැන තැන රැඳී සිටිති. ඇතැම් විට ඔවුහු ආක්‍රමණකාරී වෙති.