සාමාන්‍ය පෙළ විභාග කාල සටහන නිකුත් වේ


 

(ජේ.ඉඳුරුවගේ )

 2024(2025) වර්ෂයේ    අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාල සටහන විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ.

ඒ අනුව මාර්තු 17 දා  ආරම්භවී  දින නවයකදී පැවැත්වෙන මෙම විභාගය මාර්තු 26 දා අවසන්වේ.

මෙම විභාග කාල සටහන විභාග දෙපාර්තමේන්තුවේ  www.doenets.lk වෙබ් අඩවියෙන් බාගත කරගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.