සාම්පූර් ගමක් ඇරේ


එකොලොස් වසරක්  පුරා කොටි සංවිධානයේ සටන් බල කොටුවක් වූ සාම්පුර් නවරත්නපුරම් වැසියෝ යුධ හමුදාවේ පහසුකම් මැද අද (01) යළි ගෙවල් දොරවල් බලා ගියහ.

යුද්ධයෙන් වසර තුනකට පසු ඔවුන් ගමට යන විට යුද නටබුන් දැකගත හැකි විය.‍ වෙඩි වැදුණ බිත්ති, වහල නැති ගෙවල් ,ගෙවල් මැදින් නැගි ගස් එහි විය. අධි ආරක්ෂිත කළාපයක් වන සාම්පුර් නවරත්නපුරම් ගමේ  පවුල් 138 පදිංචියට අවසර ලැබිණි. යුද හමුදාවේ  224 වැනි බල සේනාවේ කර්නල් විකුම් ලියනගේ ඔවුනට කෑම බීම ඇතුළු මූලික පහසුකමි සැලසීය.

යුද සමයේ ඔවුහු කිලිවෙඩ්ඩි  සහන කඳවුරේ සිය නෑයන් සමග  ගත කළහ. එකොලොස් වසරක් පුරා එහි සටන් මෙහෙය වූ කොටි නායකයන් දැන් රිමාන්ඩ් භාරයේය.