ත්‍රිකුණාමලයේ සාම්පූර්හි ඉඩමක් කර්මාන්ත පුරයකට ලබාදීම අවලංගු කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පසුගිය මැයි 07 වැනිදා නිකුත් කැරුණු ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම අත්හිටුවූ නියෝගය බ්‍රහස්පතින්දා (21) සිට දීර්ඝ නොකරන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, ප්‍රියන්ත ජයවර්ධන සහ උපාලි අබේරත්න යන විනිසුරුවරු තීන්දු කළහ
සාම්පූර්හි ඉඩම ලබාදි ඇත්තේ දිගුකාලීන කල්බදු පහසුකම් යටතේ ශ්‍රී ලංකා ගේට්වේ ඉන්ඩස්ට්‍රීස් නමැති සමාගමකටය. එම සමාගම ඇමරිකන් ඩොලර් බිලියන හතරක් (රුපියල් කෝටි 5400ක්) පමණ ආයෝජනයක් සිදුකරණු ඇතැයි කියන මේ ව්‍යාපෘතිය සඳහා ඉඩම ලබා දි ඇත්තේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසිනි. කලින් ඉඩම ආයෝජන මණ්ඩලයට පැවරිණි. ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය අත්හිටුවන ලෙස එම සමාගම ගොනු කළ පෙත්සමට එරෙහිව අවතැන්වූ පිරිසක ඉදිරිපත් කළ මෝසමක් සළකා බැලූ අධිකරණය මේ තීන්දුව ප්‍රකාශ කළේය.

