සාම්පුර් වැසියන්ට හමුදාවෙන් ගෙවල් තෑගී


සාම්පුර්හි යෝජිත තාප බලාගාරය ඉදිකිරීම නිසා  ඉඩම් අහිමි වු පවුල්  විසිඅටකට හැබිටාට් හියුමනිටි ශ්‍රී ලංකා හා  අයිෆා ආයතනයේ මුල්‍ය ආධාරයෙන් යුද හමුදාව ඉදිකළ නිවාස විසි අටක්  එම පවුල් වලට අද (04) බාර දුන්නේය.

ත්‍රිකුණාමල දිසාපති රංජිත්ද සිල්වා මේර්ජ  ජනරාල් ලාල් පෙරේරා හා  රියර් අද්මිරාල් රොහාන් අමරසිංහ යන මහත්වරුන් අතින් නිවාස හිමියෝ යතුරු බාර ගත්හ.