( චමිල් රූපසිංහ)
ඖෂධ නිෂ්පාදන සමාගම් විසින් වෛද්‍යවරුන් හරහා රෝගින් වෙත නොමිලේ සපයන ඖෂධ සාම්පල කූඨ ලෙස වෙනස් කරමින් ඖෂධ ශාලාවලට විකුණන ඖෂධ ගබඩාවක් වටලා රුපියල් ලක්ෂ 6 කට ආසන්න ඖෂධ තොගයක් අත් අඩංගුවට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.
කටුගස්තොට මඩවල ප්‍රදේශයේ තිබූ මෙම ඖෂධ ගබඩාව සෝදිසි කළ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට එහි බිම් මහලේ හා දෙවන මහලේ අසුරා තිබු රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග, ඇදුම ආදී රෝගවලට ලබා ගන්නා අධික මිල සහිත ඖෂධ හමුවී තිබේ. ඒවා ඖෂධ නිෂ්පාදන සමාගම් විසින් වෛද්‍යවරුන් හරහා රෝගින් වෙත නොමිලේ සපයන ඖෂධ සාම්පල බවත් වාර්තාවේ.
ඖෂධ ගබඩාවේ කළමනාකරු රුපියල් ලක්ෂයක ශරිර ඇප මත නිදහස් කර ඇති අතර ලබන 30 වැනිදා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයෙහි පෙනි සිටින ලෙස ඔහුට දන්වා ඇත.




