පැය විස්සක පමණ කාලයක් අරලගංවිල කන්දේගම මහ කැළයේ අතරමන්ව සිටි සාමණේර හිමිවරුන් සිව්දෙනෙක් අද උදෑසන සොයාගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර කියයි.
අලි ඇතුන් ගහණ මහ වනයේ තිබෙන සිය කුටිවලට මෙම සාමණේරවරුන් වැඩම කළේ පෙරදින පෙරවරු 11 ට පමණය.
ඉන්පසු උන්වහන්සේලා ගැන කිසිඳු තොරතුරක් නොලැබීම නිසා යුධ හමුදාව,පොලිසිය,පොලිස් විශේෂ කාර්ය බලකාය හා ප‍්‍රදේශවාසීන් එක්ව ඔවුන් සොයා වනය පීරා ඇත.
ඡායාරූප - නිමල් ජයරත්න




